


ඔන්න වෙනදා වගේම අදත් මම උදේ පාන්දර 6ට විතර කොම්පියුටරේ ඔන් කරා.



බලද්දි මෙන්න ගේම් එකක් වැටෙනවා..ඉතින් ආයේ මොනවද..ගේම් නම් මාරියෝ උනත් කමක් නෑ


දැන් ඉතින් විස්තර හොයන්න එපැයි..වෙනදා නම් ගූගල් ලෝගෝ එක වෙනස් කරපු දවසට I'm Feeling Lucky බොත්තම ඔබපුවාම වෙනස් කරපු හේතුව ඒ කියන්නේ අලුත් ලෝගෝ එක ගැන විස්තරයක් වැටෙනවනේ අද ඒකත් නෑ..ඒක ඔබපුවාම අර ඒම එකේ මල්ටිප්ලේයර් විවෘත වෙනවා..ඊට පස්සේ තමා මතක් උනේ ලොගෝ එක උඩට මවුස් එක ගෙනිච්චාම හෝ ක්ලික් කරාම විස්තරේ වැටෙනවා නේද කියලා.


මෙහි විශේෂත්වය නම් වසර 11 ක ගූගල් ඉතිහාසයේ මේ විදිහට ගූගල් ලෝගෝ එකට ජාවා ස්ක්‍රිප්ට් එකකින් පාලනය කල හැකි සහ ක්‍රීඩා කල හැකි ඩූඩල් එකක් දාපු ප්‍රථම වතාව තමයි මේක.එමෙන්ම මෙය තවත් පැය 48 ක කාලයක් ගූගල් තුල රැදී තිබෙනු ඇති.ඒ වගේම මෙම පරිඝණක ක්‍රීඩාව මීට වසර 30 කට ප්‍රථම නිර්මාණය කලේ ජපන් සමාගමක් වන Namco Bandai සමාගම විසිනි.
කස්ටියම ගේම් පාරක් එහෙම දාල ඔන්න අද දවසේ වැඩ පටන් ගන්න හොදේ.



0 comments:
Post a Comment