Sunday, July 11, 2010

ජංගම දුරකථනයෙන් Facebook වෙත නොමිලේම පිවිසෙමු !

ලොව පුරා රටවල් 45 ක ජංගම දුරකථන ජාල 50 කට අධික සංඛ්‍යාවකින් (ලංකාවේ-Mobitel) නොමිලේම මූනුපොතට පිවීසීමේ හැකියාව දැන් 0.facebook.com මගින් ලබා දී තිබේ.එදා මෙදා තුර අන්තර්ජාල ඉතිහාසයේ පෙරළියක් සිදුකල Facebook සමාජ ජාල වෙබ් අඩවිය ලබා ඇති ප්‍රසිද්ධිය කොතෙක්ද කිවහොත් මේ වන විට පරිගණක මගින් මෙන්ම මිලියන 100 කට අධික පිරිසක් එය තමන්ගේ ජංගම දුරකථනය ඔස්සේ භාවිතා කරන බව එහි බළධාරීන් සනාථ කර ඇත.ලෝකයේ රටවල් 80 කට වැඩි ගනනක්ද,එමෙන්ම දුරකථන ජාල 200 කට වැඩි ගනනක්ද මේ වන විට තම සේවාදායකන්ට තමන්ගේ දුරකතන ජාල හරහා ෆේස්බුක් ලොග් වීමේ හැකියාව ලබා දී ඇත.

මූනූපොතේ බලධාරීන්ට අනුව නම් ඔවුන් මෙම 0.facebook.com හඳුන්වාදීමට ප්‍රධානම හේතු දෙක නම් m.facebook.com හරහා ෆේස්බුක් භාවිතා කිරීමේදී එහි වේගයේ මද බව සහ ජංගම දුරකථන අන්තර්ජාලය හරහා එය භාවිතා කිරීමේදී තම පරිශීලකයන්ට අධික මුදලක් වැය වීමත්ය.ඒ අනුව තම පරිශීලකයන් මුහුණ පාන මෙම බාධා අවම කිරීම සදහා මූනූපොත මෙසේ 0.facebook.com හදුන්වා දී තිබේ.

එය වේගවත්-
m.facebook.com හි ඇති ප්‍රධාන පහසුකම් සියල්ලම පාහේ 0.facebook.com තුලද දැකිය හැක.ඔබේ Status අලුත් කිරීමට,යහලුවන්ට මැසේජ් යැවීමට,යහලුවන්ගේ බිත්ති වල කුරුටු ගෑමට , කොමෙන්ට් කිරීම වැනි පහසුකම් සියල්ලම මෙහි අඩංගු වේ.නමුත් 0.facebook.com හි වේගය වැඩි කිරීම සඳහා පින්තූර පෙන්වීමක් සිදුවන්නේ නැත.එහෙත් අපට පින්තූර බැලීමට අවශ්‍යයම නම් එය ලබාදීමටද 0.facebook.com හැකියාව ඇත.නමුත් එවිට නම් සමාන්‍ය දුරකථන ගාස්තු අයවන බවද ඔවුන් දනුම් දී තිබේ.(දැන් ඉතින් අර නිකන් දුන්න අස්සයාගේ දත් ගනන් කරන අය නම්..පින්තූර ටිකත් ෆ්රී ඔන කියල කියයිද මංදා.... )

එය සම්පූර්ණයෙන්ම නොමිලේ-
0.facebook.com තුල සැරී සැරීම සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ(පහත නම්කර ඇති 50 කට අධික ජංගම දුරකථන ජාල වලින් පමනී).එමෙන්ම 0.facebook.com සිට අපට අත්‍යාවශ්‍යම වී එහි පින්තූරයක් බැලීමට අවශ්‍ය බොත්තම එබූ විට (මෙම පින්තූරය නරඹා අවසන් වී 0.facebook.com වෙත ආ විට ඔබට නැවතත් මූනුපොතේ නොමිලේ සැරිසැරිය හැක)හෝ වෙනත් ජංගම දුරකථන අඩවියක් වෙත යාමට සැරසුන විට මෙතැන් පටන් සමාන්‍ය ගාස්තු අයවන බව දැන්වීමටද 0.facebook.com අමතක කරන්නේ නැත.

0.facebook.com හරහා මූනුපොතේ සවාරි යනවිට දිස් වන ආකාරය පහත දැක්වේ..


0.facebook.com සමඟ මේ වන විට සම්බන්ඳ වී ඇති ජංගම දුරකථන ජාල පහත දැක්වේ.ශ්‍රී ලංකාවේ මේ සමඟ සම්බන්ධ වී තිබෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයි..වී කෙයාර් ඕල්වේස්නේ..


මේ කෙසේ වෙතත් m.facebook.com සහ touch.facebook.com හරහා පෙර පරිදිම සමාන්‍ය අන්තර්ජාල ගාස්තු යටතේ මූනූපොත පරිශීලනය කිරීමේ හැකියාව පවතින බවද එහි බලධාරීහු හැකින් පංතිය වෙත දන්වා සිටියහ... ..hikz...

කියවලා බලලා ඔයාලට ප්‍රයෝජනයක් උනානම් කොමෙන්ට් එකක් දාලා..අනිත් අයටත් දැනගන්න ෆේස්බුක් ශෙයාර් පාරකුත් දාලම යන්න.තව ඉතින් මගේ අලුත් ගැජට් එක "ෆේස්බුක් Like " බොත්තමත් ඔබලම යන්න...

මේ බ්‍රේකින් නිවුස් එක(2010/05/20 අලුයම 2 ට) මට දැනුම් දුන්නේ M I S L එකේ Ignatious අයියා.එයාටත් ස්තුතියි..දැන් මේක ලියලා ඉවරවෙද්දී අලුයම 3.00.හැකින් පංතියේ මේ කැපවීම,ඔබ වෙනුවෙන්මයි..

1 comments:

Ishan sankalpa on July 18, 2011 at 10:09 AM said...

mmmmmmmmmmm

Post a Comment

 

Blogroll

Site Info

Text

Hacking Clz-Draft Copyright © 2009 WoodMag is Designed by Ipietoon for Free Blogger Template