Sunday, July 11, 2010

FBML ඇසුරින් Facebook Fan Page ලස්සන කරමු



අද ඔයාලට කියලා දෙන්න යන්නේ FBML ඇසුරින් Facebook Fan Page ලස්සන කරගන්න විදිහයි.හ්ම්ම්ම්...ඊට කලින් අපි බලමු මේ FBML කියන්නේ මොකක්ද කියලා.

FBML(Facebook Markup Language) යනු මූනූපොත තුල ඇප්ලිකේෂන් නිර්මාණයට යොදාගන්නා භාෂාවයි.ඇත්තෙන්ම FBML යනු ගණිතමය වශයෙන් ගත්තොත් HTML(HyperText Markup Language) හි උපකුලකයක් ලෙස හදුන්වන්න පුලුවන්. ඒ කියන්නේ කියන්නේ HTML වලම කොටසක්. නමුත් HTML වල තියෙන සමහර දේවල් අඩංගු කරලා නෑ.ඒ වගේම HTML වල නැති තවත් සමහර මූනූපොතට අවශ්‍යයම දේවල් FBML හි අඩංගු වෙනවා(එතකොට උපකුලකයක් කියන එක අවුලක්ද මංදා... )...

මේ දවස් වල ගොඩාක් අය කැමතියිනේ මූනුපොතේ ෆෑන්ලා විශාල පිරිසක් ඉන්න ෆෑන් පේජ් එකක ඇඩ්මින් වෙන්න.ඒක නිසා බොහොමයක් අයට මේ වන විට තමන්ගේම කියල ෆෑන් පේජ් තියෙනවා.උදාහරන විදිහට තමා ගැනම ෆෑන් පේජ් එකක්,තමන්ගේ වෙබ් අඩවියේ ෆෑන් පේජ් එකක් එහෙමත් නැත්තම් හොරට හදපු ෆෑන් පේජ් එකක් (ඔය නළු නිළියන්ගේ කියලා තියෙන ෆෑන් පේජ් බොහොමයක් ඇත්තටම ඒ අයගේ නෙවේනේ..ගොඩක් ඒවා සාමාන්‍ය අය තමන්ගේ වින්දනය උදෙසා එයාලගේ නමයි පොටෝ ටිකකුයි දාල හදපුවානේ )

*****දැන් ඉතින් වැඩේට බහිමුකෝ *****

මුලින්ම කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා කිව්ව විදිහේ ෆෑන් පේජ් එකක් ඔයාලට නැත්තම් ෆෑන් පේජ් එකක් හදාගන්න එකයි.ඒකට මෙන්න මෙතන කොටලා ගිහින් අවශ්‍ය තොරතුරු දීලා ෆෑන් පේජ් එක හදාගන්න.(හැබැයි මම ඉල්ලීමක් කරනවා අර මුලින් කිව්ව විදිහේ බොරු ෆෑන් පේජ් නම් හදන්න එපා.ඒව කැත වැඩ.ඔයාලගේම කියලා තියෙන මොකක හරි ෆෑන් පේජ් එකක් හදා ගන්න.)

දැන් ඔයාලගේ ෆෑන් පිටුව ඔයාලට ඕන පොටෝ එහෙම දලා සාමාන්‍යයෙන් ලස්සන කරගන්න පුලුවන් තරමක් කරගන්න.

ඊලගට මෙන්න මේ ඇප්ලිකේෂන් එකට යන්න. Click Here

දැන් Add to My page කියන එක ඔබන්න.එතනින් ඔයාලට මොඩිෆයි කරන්න ඕන පේජ් එක තෝරගන්න.තමන්ට එක ෆෑන් පේජ් එකක් තියෙනවානම් කමක් නෑ.ඒත් ගොඩාක් තියෙනවානම් එකක් තෝරගන්න වෙනවනේ.


ඊට පස්සේ Add to Page කියන බොත්තම ඔබන්න.දැන් ඔයාලගේ ඉස්සෙල්ලා තෝරගත්ත ෆෑන් පේජ් එකට ගිහින් පහලින් තියෙන විදිහේ Boxes කියලා ටැබ් එකක් තියෙනවද බලන්න.

ඔන්න දැන් FBML Application එක ඔයාලගේ පේජ් එකට ඇඩ් කරලා ඉවරයි .දැන් ඔයාලට තියෙන්නේ ඕන ඕන වැඩ කෑලි දාලා Fan පේජ් එක ලස්සන කරගන්න. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා.

ඒකට ප්‍රොෆයිල් පොටෝ එකට යටින් තියෙන Edit Page කියන ලින්ක් එකට යන්න.හැමෝම දන්නවා ඇතිනේ..මෙතනින් තමයි ඔයාලට පේජ් එක එඩිට් කරගන්න පුලුවන් වගේම ඇඩ්මින් ලා වෙනස් කරන්න,පේජ් එකේ ට්‍රැෆික් එක ගැන විස්තර ගන්න වගේ ගොඩක් වැඩ කරන්න පුලුවන් තැන.ඒ වගේම දැන් අපි මේ FBML application එක එඩිට් කරන්න යන්නෙත් එතනින්මයි.

දැන් එතන්ට ගිහිලා පේජ් එක ටිකක් පල්ලෙහාට කරලා බලන්න මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් (FBML) එකක් තියෙනවද කියලා.

ඔයාලා අර මුලින් කිව්ව ටික හරියටම කර නම් අනිවා තියෙන්නම ඕන.

දැන් Edit කියන එක උඩ ක්ලික් කරාම මෙන්න මේ වගේ තැනකට යයි.


මෙතනින් ඔයාලගේ පේජ් එකේ සයිඩ් බාර් එකට ඕන වැඩ කෑලි දාගන්න පුලුවන්. උදාහරන විදිහට GIF පොටෝ,Flag කවුනටර් එකක්,හිට් කවුන්ටර් එකක්,පොටෝ වගේ FBML කෝඩ් වලින් කරන්න පුලුවන් ගොඩක් වැඩ කරන්න පුලුවන්.

මම උදාහරනයක් විදිහට සයිඩ් බාර් එකට GIF පොටෝ එකක් දාන විදිහ කියලා දෙන්නම්කෝ....
ම්ම්ම්.....මොකක්ද කියලා දෙන්නේ......

අහ්හ්.... අර අපේ හැකින් පන්තිය ෆෑන් පේජ් එකේ තියෙන හැකර් ගේ (හැකර් කිව්වට ඌ නිකන් භූතයෙක් වගේ ) පොටෝ එක ඇඩ් කරන විදිහ කියලා දෙන්නම්. එතකොට ඔයාලට පුලුවන්නේ ඒක බලාගෙන ඔයාලට ඕන GIF පොටෝ එකක් ඇඩ් කරගන්න ...නේද...?...

මුලින්ම ඉතින් බොක්ස් ටයිටල් එක දාන්න එපැයි...ම්ම්ම්ම්..අපි දාමු හැකර් කියලා...දැන් ඒකට අපි FBML කෝඩ් එකක් දාන්න ඕන.පොටෝ එකක් ඇඩ් කරන්න දාන HTML කෝඩ් එක මං හිතන්නේ ගොඩක් අය දන්නවා ඇතිනේ.කමක් නෑ දන්නේ නැති අය මෙන්න මේ කෝඩ් කොපි කරගෙන එතන්ට පේස්ට් එකරන්නකෝ..
ඔන්න මම දාන්නේ මේ විදිහට..



<a href="http://www.hackingclz.blogspot.com"><img src="http://www.iith.ac.in/elan10/hacking.gif" width="200" height="400" border="3" alt=""/>




ඔයාලට තියෙන්නේ මේකේ තියෙන ලින්ක් එකයි ඉමේජ් ලින්ක් එකයි වෙනස් කරන්න විතරයි.


දැන් කියන Save Changes බොත්තම ඔබලා සේව් කරගන්න..හ්ම්ම්...දැන් නම් ගොඩාක් දුරට වැඩේ ඉවරයි.ඊලගට ආයෙත් අර මුලින් මම කියපු කියන Boxes ටැබ් එකට යන්න.එතන්ට ගියාම මේ විදිහට අපි ඇඩ් කරපු පොටෝ එක බලාගන්න පුලුවන් වෙයි.

දැන් තියෙන්නේ ඕක වෝල් ටැබ් එකට දාන්න.ඒක නම් හරිම ලේසි වැඩක්.ඒකට Move to Wall tab කියන බොත්තම ඔබන්න.


දැන් වැඩේ ඉවරයි. ගිහින් බලන්නකෝ ඒක ඔයලගේ ෆෑන් පේජ් එකේ වෝල් ටැබ් එකට ඇඩ් වෙලාද කියලා.ඔයාලා හරියට කරානම් අනිවා ඇඩ් වෙලා ඇති.මේ විදිහට FBML කෝඩ් එක ටයිප් කරන තැන තියෙන මෙන්න මේ ලින්ක් එක ඔබලා

ඔයාලට ඕන තරම් ඒ වගේ වෝල් ටැබ් දාගන්න පුලුවන්.තව ඕන නම් එකම වෝල් ටැබ් එකේ කෝඩ් ඔක්කොම දාන්නත් පුලුවන්.හැබැයි එතකොට ඒ ඔක්කොම වැටෙන්නේ එකම title එක යටතේ...

Flag කවුන්ටර් එකක් ඇඩ් කිරීමට-http://www.flagcounter.com/index.html
Hit කවුන්ටර් එකක් ඇඩ් කිරීමට-http://www.amazingcounters.com/sign-up.php


කොහොමද වැඩේ?.. හොදයිද? කියවලා බලලා කොමෙන්ට් එකකුත් දාලම යන්නකෝ .තව ඉතින් අනිත් අයටත් මේ ගැන කියන්න Facebook Like බොත්තම ඔබල ෆේස්බූක් Share එකකුත් දාගත්තොත් හොදයි නේද?


2 comments:

Namila on July 23, 2010 at 12:20 AM said...

ela banz..oya blog 2ka karanawada??

umut said...

https://saglamproxy.com
metin2 proxy
proxy satın al
knight online proxy
mobil proxy satın al
XXXİA

Post a Comment

 

Blogroll

Site Info

Text

Hacking Clz-Draft Copyright © 2009 WoodMag is Designed by Ipietoon for Free Blogger Template