Tuesday, July 13, 2010
Sunday, July 11, 2010
ඔබේ බ්ලොගයටත් Hacking Clz Widget™
ඔන්න හැකිං පංතිය අලුත් වැඩකට අත ගැහුවා ...මෙතෙක් කාලයක් වෙබ් අඩවි අලංකාර කර ගැනීම උපදෙස් දුන් හැකින් පංතිය අද සිට ඒ සඳහා අලුත්ම Widget එකක් හඳුන්වා දීමට තීරණය කලා.(වෙබ් අඩවි අලංකරණය විතරක් නෙවිනේ..හැමදේටම උපදෙස් දුන්නනේ..ඒ විදිහටම ඉදිරියටත් ඒ ඔක්කොම හැකිං පංතියෙන් ඔයාලට ලබාදෙනවා)....දැන් මේ වැඩේ ගැන බලමුකෝ...අපි මේක Hacking Clz Widget™ ලෙස හඳුන්වමු..
වැඩ කෑලි කීපයක්ම එකම පෝස්ට් එකකින්
හැකින් පංතියේ අලුත් ඇදුම අන්දලා තිබ්බ අලුත් වැඩියා කිරීම් නිම කලා.අලුත් ඇදුම බ්ලොග් එකට ඇන්දුවා විතරයි ඒ වෙලාවේ හොදට වැඩ කරා.මෙන්න බොලේ ඊලග දවසේ බලද්දි බ්ලොග් එක ලෝඩ් වෙන්න විනාඩි දෙකක් විතර යනවා.ඒත් සම්පූර්ණයෙන්ම ලෝඩ් වෙන්නෙත් නෑ. .මට මාර පුරස්නේ මෙහෙම වෙන්න් ඇයි කියලා.ටිකක් විස්ලේසනය කොරලා බලද්දි තමා තේරුනේ සීන් එක..බ්ලොග් එකට දාපු තීම් එකේ පින්තූර සහ ජාව ස්ක්‍රිප්ට් අප්ලෝඩ් කරලා තිබ්බ සයිට් එක දවසට දෙපාරක් වත් ඩවුන් වෙනවා.දැන් ඉතින් මොනා කරන්නද..දුක තමා කියලා ඔක්කොම අප්ලෝඩ් කරා බ්ලොග්ස්පොට් වලටම...අනේ වාසනාවන්..මෙන්න ඊලගට බ්ලොග් එක කලින් තිබ්බටත් වඩා වේගෙන් ලෝඩ් වෙනවා..මාර සතුටුයි. .මොකද මේක ලෝඩ් වෙන්න පැයක් විතර ගත්තම කියවන්න එන අයට එපා වෙලා ආයේ එන්නේ නෑනේ.ඒ වැඩෙත් ගොඩ....
මගේ ඕපා දූප බලන්න ඕන නැති අය කෙලින්ම පහලට ගියාට ඉතින් කිසිම තරහක් නෑ ඔන්න. .හැබැයි ඕපා දූප ගොඩේ ඔයාලට ඕන දේවල් ගොඩක් ඇති කියලා හිතනවා..
පොඩි පොඩි වැඩ කෑලි ගොඩාක් තිබ්බා ඉස්සර ඉඳලම බ්ලොග් එකේ දාන්න හිතාගෙන.ඒත් වෙන වෙනම එක එක පෝස්ට් එකට දාන්න නම් වෙලාව තිබ්බා.ඒත් මම දැම්මේ නෑ.මොකද අපරාදෙනේ ඒව බලන්න එන කට්ටියගේ කාලය.ඒක නිසා මම හිතුවා පොඩි පොඩි වැඩ කෑලි 3 ක්ම එකම පෝස්ට් එකක දාන්න.ඒ වගේම පොඩි කිව්වට වැදගත් ඒවා විතරයි.වැඩ කෑලි ගොඩාක් තිබ්බට අපිට වැදගත් ඒවනේ වටින්නේ.
Social Engineering භාවිතයෙන් Hack කරන්නේ කොහොමද?
Author: ♠GaŋGster♠™
| Posted at: 10:46 AM |
Filed Under:
Hacking,
Social Engineering
|
ගොඩාක් කාලෙකින් හැකින් ගැන මොනවත්ම දාන්න බැරි උනානේ.ඒක නිසා තමයි මේ ලිපිය ලියන්න හිතුවේ.සමහර විට සමහර අය දන්නවා ඇති Social Engineering කියන්නේ මොකක්ද කියලා.කමක් නෑ දන්නේ නැති අය ගොඩාක් ඇතිනේ.ඒක නිසා අපි ඒ අයට මේක පැහැදිලි කරලා දෙමු.
ඇත්තෙන්ම Social Engeneering කියන්නේ එක්තරා කලාවක් කිව්වොත් නිවැරදියි .මේ ගැන ලියනවා නම් ඉතින් පිටු ගානක් ලියන්න පුලුවන්.මම අද කියලා දෙන්න යන්නේ ඔක්කොම සංක්ෂිප්ත කරලා බොහොම කෙටියෙන්.ඔයාලට මේ ගැන වැඩිපුර දැන ගන්න ඕන නම් ජාලයේ හොයලා බලන්නකෝ.කෙටියි කිව්වට කෙටිමත් නෑ..මොකුත් අඩු නැතුව ඔක්කොම සංක්ෂිප්ත කරලා ලියන්න උපරිම උත්සහායක් දෙන්නම්කෝ.
Blogger අලුත් වෙලා !!!
ඔන්න ඉතින් අදත් උදේම ඔන්ලයින් ඇවිත් සුපුරුදු විදිහටම ෆේස්බුක් පැත්තේ ගියා ..දෙවෙනියට සින්ඩියට යන එකත් දැන් ඉතින් පුරුද්දක් වෙලා මට..සින්ඩියෙත් රවුමක් දාන ගමන් බ්ලොග් එකට යන්න ඕනි කියලා හිතුනා.දැන් ඉතින් බ්ලොගර් වලට ලොග් උනා කියමුකෝ.මට නිකන් දැනුනා වෙනදට වඩා වෙනසක් තියෙනවා නේද කියලා(අපි බ්ලොගර් Dashboard එකට ලොග් වෙනකොටම බ්ලොගර් එකෙන් මේ ගැන පොඩි දැනුවත් කිරීමකුත් කරනවා.ඔය උඩින් තියෙන පොටෝ එක ඒක තමයි)..ඇත්ත නේන්නම්...මෙන්න බොලේ ඔච්චර කල් අපිත් එක්ක අපේ දුකටත් සැපටත් හිටිය Layout ටැබ් එක නෑ .දැන් ඉතින් මොකද කරන්නේ..ඒ වෙනුවට තියෙන්නෙ Design කියලා ටැබ් එකක්.කමක් නෑ ඕන මගුලක් වෙන්න ගිහින් බැලුවා..සාමාන්‍ය Layout tab එකට ගියාම තියෙන පෙනුමමයි.ඒත් පොඩි වෙනසක්
මොනවද හොයන්නේ ? Serials ද? Crack/KeyGen ද?
ඔයාලා තාමත් Serials,Crack or KeyGen ඕන උනාම තාමත් Google ගෙන් උදව් ඉල්ලනවද? එහෙනම් මෙන්න කාලය වැය කරන්නේ නැතුව ඒවා හොයගන්න හොදම විදිහ.
ලංකාවේ බොහොමයක් දෙනා පාවිච්චි කරන්නේ ඉතින් ඔරිජිනල් මෘදුකාංග නම් නෙවෙයිනේ.ඇමරිකාව,බ්‍රිතාන්‍යය වගේ රටවල් ඇරුනාම ගොඩක් රටවල පුද්ගලයන් භාවිතා කරන්නේ Pirated (මධුර ශබ්ධකෝෂයට අනුව-ලුංටික පිටපත් ) මෘදුකාංග .ඉතින් අපි මේවා ලබාගන්නේ CD / DVD වශයෙන් කඩවලින් හෝ අන්තර්ජාලයෙන්.කඩෙන් ගද්දි නම් අවුලක් නෑ.මොකද එයාලා Serials,Crack or KeyGen එකත් ඒවා තුලම අන්තර්ගත කරලා තියෙනවා.නමුත් නොමිලේ අන්තර්ජාලයෙන් බාගන්න තියෙන ඒවා අපි මොකටද සල්ලි දීලා ගන්නේ .ඒත් අන්තර්ජාලයෙන් බාගත්තම තියෙන අවුල තමා මේ මෘදුකාංග වලට Serials,Crack or KeyGen හොයාගන්න එක..
FBML ඇසුරින් Facebook Fan Page ලස්සන කරමු
අද ඔයාලට කියලා දෙන්න යන්නේ FBML ඇසුරින් Facebook Fan Page ලස්සන කරගන්න විදිහයි.හ්ම්ම්ම්...ඊට කලින් අපි බලමු මේ FBML කියන්නේ මොකක්ද කියලා.
FBML(Facebook Markup Language) යනු මූනූපොත තුල ඇප්ලිකේෂන් නිර්මාණයට යොදාගන්නා භාෂාවයි.ඇත්තෙන්ම FBML යනු ගණිතමය වශයෙන් ගත්තොත් HTML(HyperText Markup Language) හි උපකුලකයක් ලෙස හදුන්වන්න පුලුවන්. ඒ කියන්නේ කියන්නේ HTML වලම කොටසක්. නමුත් HTML වල තියෙන සමහර දේවල් අඩංගු කරලා නෑ.ඒ වගේම HTML වල නැති තවත් සමහර මූනූපොතට අවශ්‍යයම දේවල් FBML හි අඩංගු වෙනවා(එතකොට උපකුලකයක් කියන එක අවුලක්ද මංදා... )...
SLT ADSL වේගය අඩුවීමට හේතුව නිල වශයෙන් දැනුම්දෙයි!
පසුගිය දින කිහිපයේ පාරිභෝගිකයන් මහත් අපහසුතාවයට පත් කරමින් SLT ADSL අන්තර්ජාල වේගය විටෙක ඉතාමත් පහල මට්ටමකට ලගාවිය. එය කොතෙක්ද කිවහොත් සමහර අවස්ථාවල Google.com වෙත යාමටවත් පාරිභෝගිකයන්ට අවස්ථාවක් නොලැබුනි.
මේ වන තුරුත් ජාලය තුල පවතින මෙම මන්දගාමී තත්වය පිළීබඳව හැකින් පංතිය කල විමසීමේදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නිල වශයෙන් නිවේදනය කලේ ඔවුන්ගේ Backbone කේබලයෙහි සිදුවන අලුත්වැඩියා කටයුත්තක් නිසා මෙසේ වේගය අඩාල වී පවතින බවයි.කෙසේ වෙතත් මැයි 27 වෙනිදා SLT ADSL නැවත් යථා තත්වයට පත්වන බවට තව දුරටත් කරුනූ පහදමින් ඔවුන් ප්‍රකාශ කරනු ලැබීය.
මෙම වාර්ථාව කිසිම වෙබ් අඩවියකින් හෝ වෙනත් මූලාශ්‍රයකින් උපුටා ගැනීමක් නොවන බවටත් මෙය හැකින් පංතිය කල විමසීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නිල වශයෙන් ලිඛිතව ඉදිරිපත් කල පිළිතුරක් බවටත් සතුටින් දැනුම් දෙමු.
PAC-Man ගේ 30 වන උපන්දිනයේදී Google..
ඔන්න වෙනදා වගේම අදත් මම උදේ පාන්දර 6ට විතර කොම්පියුටරේ ඔන් කරා. .පුරුද්දට වගේම මම මුලින්ම කරන්නේ මූනූපොතේ රවුමක් ගහන එක.ඒත් මම ගූගල් ක්‍රෝම් වල ගෙදර පිටුවට (Home page) දාලා තියෙන්නේ ගූගල්.කොම්...වෙනදා වගේම ක්‍රෝම් විවෘත කරා විතරයි සමාන්‍ය විදිහට ගූගල්.එල්කේ එකට ගියා.ඒත් මගේ පුරුද්ද නිසාම මම ක්ෂනයකින් අලුත් ටැබ් එකක් අරගෙන එකේ අර කොටු කොටු වල පේජ් තියෙනවනේ(ඒවට කියන නම දන්නේ නෑ ) එතනින් මූනූපොත ඔබලා ඒ වෙලාවෙම ගූගල් අපු ටැබ් එක වහලා දානවා..ඒත් මෙන්න මම ගූගල් වහන්න යද්දි ගූගල් ලෝගෝ එක ලොකු කලු පාට කොටුවක් තියෙනවා.මම බැලුවා මේ මොකක්ද අලුත් ලෝගෝ එක කියලා..
ජංගම දුරකථනයෙන් Facebook වෙත නොමිලේම පිවිසෙමු !
Author: ♠GaŋGster♠™
| Posted at: 10:43 AM |
Filed Under:
Facebook,
Free,
Mobile Phones,
Mobile Site,
Tips
|
ලොව පුරා රටවල් 45 ක ජංගම දුරකථන ජාල 50 කට අධික සංඛ්‍යාවකින් (ලංකාවේ-Mobitel) නොමිලේම මූනුපොතට පිවීසීමේ හැකියාව දැන් 0.facebook.com මගින් ලබා දී තිබේ.එදා මෙදා තුර අන්තර්ජාල ඉතිහාසයේ පෙරළියක් සිදුකල Facebook සමාජ ජාල වෙබ් අඩවිය ලබා ඇති ප්‍රසිද්ධිය කොතෙක්ද කිවහොත් මේ වන විට පරිගණක මගින් මෙන්ම මිලියන 100 කට අධික පිරිසක් එය තමන්ගේ ජංගම දුරකථනය ඔස්සේ භාවිතා කරන බව එහි බළධාරීන් සනාථ කර ඇත.ලෝකයේ රටවල් 80 කට වැඩි ගනනක්ද,එමෙන්ම දුරකථන ජාල 200 කට වැඩි ගනනක්ද මේ වන විට තම සේවාදායකන්ට තමන්ගේ දුරකතන ජාල හරහා ෆේස්බුක් ලොග් වීමේ හැකියාව ලබා දී ඇත.
මූනූපොතේ බලධාරීන්ට අනුව නම් ඔවුන් මෙම 0.facebook.com හඳුන්වාදීමට ප්‍රධානම හේතු දෙක නම් m.facebook.com හරහා ෆේස්බුක් භාවිතා කිරීමේදී එහි වේගයේ මද බව සහ ජංගම දුරකථන අන්තර්ජාලය හරහා එය භාවිතා කිරීමේදී තම පරිශීලකයන්ට අධික මුදලක් වැය වීමත්ය.ඒ අනුව තම පරිශීලකයන් මුහුණ පාන මෙම බාධා අවම කිරීම සදහා මූනූපොත මෙසේ 0.facebook.com හදුන්වා දී තිබේ.
එය වේගවත්-
m.facebook.com හි ඇති ප්‍රධාන පහසුකම් සියල්ලම පාහේ 0.facebook.com තුලද දැකිය හැක.ඔබේ Status අලුත් කිරීමට,යහලුවන්ට මැසේජ් යැවීමට,යහලුවන්ගේ බිත්ති වල කුරුටු ගෑමට , කොමෙන්ට් කිරීම වැනි පහසුකම් සියල්ලම මෙහි අඩංගු වේ.නමුත් 0.facebook.com හි වේගය වැඩි කිරීම සඳහා පින්තූර පෙන්වීමක් සිදුවන්නේ නැත.එහෙත් අපට පින්තූර බැලීමට අවශ්‍යයම නම් එය ලබාදීමටද 0.facebook.com හැකියාව ඇත.නමුත් එවිට නම් සමාන්‍ය දුරකථන ගාස්තු අයවන බවද ඔවුන් දනුම් දී තිබේ.(දැන් ඉතින් අර නිකන් දුන්න අස්සයාගේ දත් ගනන් කරන අය නම්..පින්තූර ටිකත් ෆ්‍රී ඔන කියල කියයිද මංදා.... )
එය සම්පූර්ණයෙන්ම නොමිලේ-
0.facebook.com තුල සැරී සැරීම සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ(පහත නම්කර ඇති 50 කට අධික ජංගම දුරකථන ජාල වලින් පමනී).එමෙන්ම 0.facebook.com සිට අපට අත්‍යාවශ්‍යම වී එහි පින්තූරයක් බැලීමට අවශ්‍ය බොත්තම එබූ විට (මෙම පින්තූරය නරඹා අවසන් වී 0.facebook.com වෙත ආ විට ඔබට නැවතත් මූනුපොතේ නොමිලේ සැරිසැරිය හැක)හෝ වෙනත් ජංගම දුරකථන අඩවියක් වෙත යාමට සැරසුන විට මෙතැන් පටන් සමාන්‍ය ගාස්තු අයවන බව දැන්වීමටද 0.facebook.com අමතක කරන්නේ නැත.
0.facebook.com හරහා මූනුපොතේ සවාරි යනවිට දිස් වන ආකාරය පහත දැක්වේ..
0.facebook.com සමඟ මේ වන විට සම්බන්ඳ වී ඇති ජංගම දුරකථන ජාල පහත දැක්වේ.ශ්‍රී ලංකාවේ මේ සමඟ සම්බන්ධ වී තිබෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයි..වී කෙයාර් ඕල්වේස්නේ..
මේ කෙසේ වෙතත් m.facebook.com සහ touch.facebook.com හරහා පෙර පරිදිම සමාන්‍ය අන්තර්ජාල ගාස්තු යටතේ මූනූපොත පරිශීලනය කිරීමේ හැකියාව පවතින බවද එහි බලධාරීහු හැකින් පංතිය වෙත දන්වා සිටියහ... ..hikz...
කියවලා බලලා ඔයාලට ප්‍රයෝජනයක් උනානම් කොමෙන්ට් එකක් දාලා..අනිත් අයටත් දැනගන්න ෆේස්බුක් ශෙයාර් පාරකුත් දාලම යන්න.තව ඉතින් මගේ අලුත් ගැජට් එක "ෆේස්බුක් Like " බොත්තමත් ඔබලම යන්න...
මේ බ්‍රේකින් නිවුස් එක(2010/05/20 අලුයම 2 ට) මට දැනුම් දුන්නේ M I S L එකේ Ignatious අයියා.එයාටත් ස්තුතියි..දැන් මේක ලියලා ඉවරවෙද්දී අලුයම 3.00.හැකින් පංතියේ මේ කැපවීම,ඔබ වෙනුවෙන්මයි..
Subscribe to:
Posts (Atom)